කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් මස 20 වෙනි සඳුදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

අද (6) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩකරන තවත් කාලසීමාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

Latest News