ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට, තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා, ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

‍‍‍ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය ආරක්ෂාවට තර්ජනයක් බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.

ජූනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදු නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

Latest News