2022 වර්ෂයේදී විදේශ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 300,000 ක් යොමුකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දෝහා කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමුකිරීමේ අවස්ථාවන් පිළිබඳව සලකා බැලීම සඳහා ශ්‍රි ලංකා දූත පිරිසක් මේ දිනවල කටාරයේ නිල සංචාරයක නිරත වෙමින් සිටියි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිර්මාණය කළ SLBFE E Connect ජංගම යෙදවුම (Mobile app) අද දින (07) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් මුදාහරිනු ලැබීය.

දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ ඊයේ රාත්‍රී (25) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුලත් විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් පසුගියදා (18) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

බාහිර පුද්ගලයින් යොදවා තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් නීති විරෝධි ලෙස ලබාගත් ඒජන්සි ආයතන හිමියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවල නියුතුවන්නන් සඳහා ලියාපදිංචිවීමට විශේෂ සහන කාලයක් ලබාදෙයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියාවට ගොස් එය අවසන් කර නැවත දිවයිනට පැමිණි කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා ලාභීන් සඳහා කාර්යාංශය විසින් තම ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීම පිනිස ආධාර මුදල් අද (18) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදී.

මෙරටට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේදී සිදුකරන පී සී ආර් පරීක්ෂණ සදහා වැයවන මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට පියවර ගැනේ.

Latest News