මාතර දිස්ත්‍රික්කයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් පස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. දස දෙනෙකුට අවවාදාත්මක නිවේදන නිකුත් කිරීමට පියවර ගැනිණ.

අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳපොළට සැපයීම සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඊයේ දැනුම් දුන්නේය.

එළඹෙන උත්සව සමයේ දී හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැති බවත්, ඒ අනුව සංශෝධිත මිලට අදාළව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

අප්‍රේල් මස පළවවැනිදා (04/01) සිට සම්බා සහල් කිලෝ එකක් රුපියල් 85ට ද, නාඩු සහල් කිලෝවක් රුපියල්රු 80ක උපරිම සිල්ලර මිලකට විකිණීමට සහල් මෝල් හිමියන් හා කෘෂිකර්මය අතර එකඟතාවක් පළකර තිබේ.  

 මිලට ගනු ලබන වී කිලෝවක මෙන් දෙගුණයක මිල එක් සහල් කිලෝවක් සඳහා අයකර ගැනීමට මෝල් හිමියන් සිය එකඟතාවය පළ කර තිබේ. 

Latest News