රු.කෝටි 2ක අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පියදාස දිසානායක ඇප ඉල්ලා ගොනුකළ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද අල්ලස් කොමිසමට කල්ලබා දුන්නේය.

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 09 වනදා සිට විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ .මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

Latest News