විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වේලාව වෙන් කරවා ගැනීමට, මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරතව සිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරිනියක ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඉදිරි සති දෙක තුළ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව, ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

Latest News