පාස්පෝට් කන්තෝරුවේ මුදල් ගැරූ නිළධාරිනියට වැඩ වරදී

මැයි 23, 2023

    විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වේලාව වෙන් කරවා ගැනීමට, මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරතව සිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරිනියක ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

    එලෙස වේලාව වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදය ඉකුත් සතියේ සිට අවසන් කෙරුණු බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

    විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් බාර දීම සඳහා දෛනිකව විශාල පිරිසක් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය අසළට රැස්වීම නිසා දැඩි තදබදයක් හට ගෙන තිබෙනවා.

    මේ වන විට ජනතාවට සිදු වී ඇති මෙම අපහසුතා වෙනුවෙන් ලබන මස මැද භාගය වන විට විසඳුම් ලබා දෙන බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

    මේ අතර, ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ, අද වන විට වේලාව වෙන් කර ගැනීමකින් තොරව, එදිනම ඉදිරිපත් වන අයදුම්පත් සඳහා ගමන් බලපත්‍ර ‍2,000 කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කෙරෙන බවයි.

    Latest News