මේ අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අද (13) සිට ආරම්භ වේ.

මේ අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අද (13) සිට ආරම්භ වේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ.

පුණ්‍ය කාලය...

Punya Kaalaya 01

අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 07.45 සිට එදින අපර භාග 08.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්ව භාග 07.45 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් 14 වැනි ඉරිදා අපර භාග 02.09 සිට අපර භාග 08.33 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

 

අලුත් අවුරුදු උදාව...

Aluth Awrudu Udawa 01

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

ආහාර පිසීම..

Aahaara Piseema 01

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපර භග 02.42 ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු,ගම්මිරිස්,තිප්ප්ලි යන කුළු බඩු දමා) අග්ගලා සහ කැවුම් පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය..

Wada Alleema 01

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපර භාග 03:54 ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම ...

Hisathel Gama 01

අප්‍රේල් මස 17 වැනි බදාදා අපර භාග 07:40 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා පලාවන් (කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම...

Rakee Raksha 01

අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා දින පලාවන් (කොළ) පැහැති වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල, මෝරු මිශ්‍ර කිරිබත් අනුභව කොට පූර්වභාග 04.52 ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

Latest News