ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දිවයිනේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය දක්වමින් එම දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. 

Latest News