නාවලපිටිය ඉගුරුඔය මාපකන්ද හරහා මහවැලි ගගට ජලය ගලා බසින ප්‍රධන අතු ගංගාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලි ජිවිතක්ෂය පත්වේ. මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් හිජිරාපුර පදිංචි අබ්දුල් රහුමාන් (13) හැවිරිදි අයෙකු සහ මොහොමඩ් මුත්තාර් (42) නැමති දෙදෙනෙකි.
ජිවිතක්ෂයට පත් වු තරුණයන් දෙදෙනා ඥාති පිරිසක් සමග ගලබොඩ ඇළේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදි තිදෙනෙක් ජලයේ ගිලී ඇත. ඉන් එක් තරුණයෙක් බේරා ගැනිමට ඔහුන්ගේ ඥාතින් සමත් වි තිබේ. මිය ගිය අයගේ සිරුරු එම ඇළේ තිබි නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබිණ.
පානදුර - රත්නපුර, ගොකරඇල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදීමෙන් 34,35 වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ සවස සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට දෙදෙනෙක් මිය ගොස් තිබේ.
සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වන අලියෙකු විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබේ.