දැවැන්තයෙකුට ඛේදනීය ඉරණමක් (වීඩියෝ)

ඔක් 28, 2018
  • සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වන අලියෙකු විදුලි රැහැනකට හසුවීමෙන් මියගොස් තිබේ.

    වැලිකන්ද මෛත්‍රීගම ප්‍රදේශයේ පැපොල් වගාවක් ආරක්ෂා කිරීම සඳහා මෙම විදුලි රැහැන සවි කර තිබුණි.

    වන අලියාගේ වයස අවුරුදු 35ක් පමණ වන අතර උස අඩි නවය හමාරක්. මෙම වකවානුව තුළ අකලට මිය ගිය වන අලින්ගෙන් මෙම වන අලියා දැවැන්ත සතෙකු බවයි, ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ පශු වෛද්‍ය සමීර පළඟුආරච්චි මහතා සඳහන් කළේ.

    වන අලි නිරතුරුව අනතුරුවලට ගොදුරු වීම හේතුවෙන් එම සතුන්ගේ ගහණය ද අඩු වන බව ද පශු වෛද්‍යවරයා කියා සිටියේය.

    Elephant2

    elephant3

    Elephant7

    ele7

    ele0

    elephant5

     

    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 11:43

    Latest News