යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තනතුරට පත්වීමෙන් පසු අද ප්‍රථම වරට දළදා සමිදුන් වැඳපුදා ගැනීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.

අනතුරුව ඔහු අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට පැමිණියේය. ජය ශ්‍රී මහබෝ සමිඳුන් හා රුවන්වැලි සෑ රඳුන් වැදපුදා ගැනීමට ද නියමිතයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා......

“මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වශයෙන් පළමුවෙන් අපි රට ආරක්‍ෂා කරගත යුතුව තියෙනවා. රටේ ඉන්න මහජනතාව ආරක්‍ෂා කරගන්න ඕනේ. යුද හමුදාව නූතන හා අනාගතයට සරිලන පරිදි විශිෂ්ට හමුදාවක් කරා මින් ඉදිරියටත් රැගෙන යාම වගකීමක් හැටියට මං සලකලා යුද හමුදාවේ විරෝධාර රණවිරුවන් සහ රණවිරුවන්ගේ පවුල්වල සියලුම සාමාජිකයන් රැක බලාගැනිම, ඔවුන්ට සුබසාධනය ලබාදීම සහ යුද හමුදාවේ දැනට රාජකාරියේ නියුතු සියලු දෙනාම ඉතාම සන්තෝෂයෙන් රාජකාරි කරන හමුදාවක් බවට පත්කිරීම තමයි අරමුණ. අපි මේ යුද්ධය කළේ මගේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් මොන චෝදනා ආවත් ඉදිරියටත් ගිහිල්ලා මගේ ජිවිතේ පරිත්‍යාග කරලා හරි රට ආරක්‍ෂා කරන්න මං කැපවෙලා ඉන්නවා“ යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් මගින් කියා සිටි. විදේශීය පාර්ශ්වයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක් බව එහි සඳහන්වේ.

ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවත් විදේශ අමාත්‍යංශය නිකුත් කළ‍ නිවේදනයේ දැක්වේ.

 

මාධ්‍ය නිවේදනය

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

 ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ.

  • ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි.
  • විදේශීය  පාර්ශ්වයන්  මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.
  • චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ.

2019 අගෝස්තු 20 වැනි දින

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. 

සමාජ මාධ්‍ය ජාලාවල පළවන විවිධ තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

අසත්‍ය ප්‍රචාර විචාර බුද්ධියකින් යුතුව තෝරා බේරා ගන්නා ලෙසත් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ආරක්ෂාව සඳහා ඇප කැප වී සිටින බවත් යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

පසුගිය දශකය මුළුල්ලේ සාමය හා නිදහස භුක්ති විඳිමින් ආරක්ෂාව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව යළි ත්‍රස්තවාදී ප්‍රහාරයක ඉලක්කය බවට පත්වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

රට තුළ බෝම්බ පුපුරුවා අහිංසක මිනිස් ජීවිත බිලිගත් ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි අපරාධකරුවන් සොයා රටපුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පවසන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කර මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන් ම විනාශ කර රට තුළින් පළවා හැර ඉතා කෙටි කාලයක් තුළ මේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරවන බව පවසයයි.

Latest News