පාඨලි අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි; එය දේශපාලන පලිගැනීමක්; අකිල විරාජ්

දෙසැ 19, 2019

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරිණ.
    එහිදී අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා....

    “ඊයේ රාත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තියෙනවා. එය නීති විරෝධියි. මෙය පැහැදිලිවම පේනවා දේශපාලන පලිගැනිමක් කියන එක. 2015 ආණ්ඩුව බලයට ඇවිල්ලා යහපාලනය ක්‍රියාත්මක කරලා කිසිම අධිකරණයකට අපි ඇඟිලි ගැසුවේ නැහැ“ යැයි කාරියවසම් මහතා පැවසීය.

    සිංහලේ අපි සංවිධානය සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමි...

    තමන් සිදු කරගෙන යන දේශපාලන වැඩපිළිවෙළට ප්‍රතිවරුද්ධව යන මිනිස්සු දඬයම් කරන්න මේගොල්ලෝ නීතිය උපයෝගි කරගෙන පහුගිය යහපාලන ආණ්ඩුව කටයුතු කරලා, දැන් ඒගොල්ලන් නීති-රීති සහ නීතියේ තියෙන වගන්ති කියවනවා තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනකොට. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ චම්පික රණවක මහත්තයට “කරන කලට පව් මිහිරිය මී සේ-විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ“ ඒ නිසා බලය තියෙන කාලේ, නිලය තියෙන කාලේ, පොළවට අඩියක් විතර උඩින් යන කාලේ, මැති-ඇමතිවරු දුර දිග බලන්නේ නැතුව කරන අමනෝඥ වැඩ නිසා බලය නැති වුණාට පස්සේ ඒ කරපු අමනෝඥ වැඩවල ප්‍රතිඵල මේ විධියට තමන්ට ලැබෙනවා කියන එක හොඳින් මතක තබා ගත යුතු බව“ පුජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමියෝ පැවසූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 20:02

    Latest News