කසළ තේ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

දෙසැ 15, 2019

    මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 4080ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කඩුගන්නාව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කඩුගන්නාව පොලිස් වසමේ කඩුගන්නාව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.

    මෙම මෙහෙයුමේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ සහ සැකකරු සමග ප්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවට ගෙන කඩුගන්නාව පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී තිබේ

    Latest News