වනවාස කුඩා විහාරයේ මහ පිරිත් දේශනයට අගමැති එක්වෙයි

දෙසැ 15, 2019

    පසුගිය පාලන සමයේ නැවතී තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    තංගල්ල, වනවාස කුඩා විහාරයේ ඊයේ පැවති පිංකමකට සහභාගී වෙමින්, අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. පූජ්‍ය වැවහමන්දූව වාචීස්වර ස්වාමීන් වහන්සේ 93 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහා පිරිත් දේශනයක් විහාරස්ථානයේ දී පැවැත්විණ. උන්වහන්සේ තංගල්ල වනවාස කුඩා විහාරය, බඳගිරිය රජමහා විහාරය, කිරුලපන ශ්‍රී සිද්ධාර්ථාරාමය යන විහාරයන්හි විහාරාධිපති හිමියන් ද වෙයි. උන්වහන්සේට ආශිර්වාද කිරීම සඳහා පැවති මෙම මහා පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහායි, අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයට පැමිණ සිටියේය.

    Last modified on ඉරිදා, 15 දෙසැම්බර් 2019 10:53

    Latest News