බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් (වීඩියෝ)

දෙසැ 14, 2019

    බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජයගත් කන්සවේටිව් පක්‍ෂයට සහ එහි නායක බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සුබපැතුම් එක්කර තිබේ.
    නව අගමැතිවරයාට සහ බ්‍රිතාන්‍ය ජනතාවට තම උණුසුම් සුබපැතුම් එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සිය ට්විටර් ගිණුමේ සඳහන් කරයි. මේ ජයග්‍රහණයෙන් සංකේතවත් වන්නේ, ජාතිකත්වයට ලැදි ආණ්ඩු උදෙසා පවතින ගෝලීය ප්‍රවණතාව බව ජනාධිපතිතුමාගේ පණිවුඩයේ දැක්වේ.

    බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජයග්‍රහණය සඳහා අගමැති බොරිස් ජොන්සන්ගේ තීරණාත්මක නායකත්වය නිසැකවම හේතුවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සිය ට්විටර් පණිවුඩයෙන් කියා සිටී. අගමැති ධූරයේ ඉදිරි කටයුතු සඳහා බොරිස් ජොන්සන් මහතාට සුබපතන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පවසයි.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 20:25

    Latest News