“අධිෂ්ඨානයේ පාද යාත්‍රාවේ” දෑස් අහිමි හා පාදයක් අහිමි රණවිරුවන් දෙදෙනා 15 වැනි දින සිරිපා කරුණාවට

දෙසැ 07, 2019

    දෑස් අහිමි හා පාදයක් ආබාධිත යුද හමුදා හා නාවsක හමුදා විරුවන් දෙදෙනෙකු නාගදීප රජමහා විහාරයේ සිට සිරිපා කරුණා කරමින් කතරගම කිරි වෙහෙර දක්වා වු “අධිෂ්ඨානයේ පාද යාත්‍රාවේ” 15 වන දිනය වුයේ ශ්‍රීපාද පුද බිමේ නල්ලතන්නියට ළගා වූහ.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ, ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.ඩබ්.වී.පියතිස්ස හා ශ්‍රීලංකා නාවුක හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි බී.එම්.ඩබ්.කුමාර යන මෙම රණවිරුවන් දෙදෙනා 1999 වසරේදී ක්‍රියාන්විතයේදී යුද ආබාධිතයින් බවට පත් වී ඇත.

    disablesoldiers1 px 900 07

    එහිදී කොප්‍රල් කේ.ඩබ්.වී. පියතිස්ස රණවිරුවාගේ දෑස් අන්ද වී ඇති අතර බී.එම්.ඩබ්.කුමාර රණවිරුවාගේ පාදයක් ආබාධිත වී තිබේ. මෙම ආබාධිත රණවිරුවන් දෙදෙනා නොවැම්බර් මස (22) වන දින යාපනය නාගදීප විහාරයෙන් පාද යාත්‍රාව ආරම්භ කර අනුරාධපුර ශ්‍රීමා බෝධිය වන්දනා කර මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ගම්පොල, නාවලපිටිය, ගින්ගත්හේන, නෝටන්බ්‍රීජ් හරහා මාවුස්සාකැලේ සමන්දේවාලය අසලට ඊයේ (06) ප.ව. 01.00 ට පමණ ළඟා වූහ.

    මාවුස්සාකැලේ සමන් දේවාලයේදී රණවිරුවන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ, 19 වෙනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ. නිලන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වනු ලැබිණ.

    අනතුරුව මෙම රණවිරුවන් පිරිස ආබාධිත රණවිරුවන් දෙදෙනා සමග පාද යාත්‍රාව ශ්‍රීපාද පුද බිමේ නල්ලතන්නිය නගරයට අද ප.ව. 02.30 ට පමණ ළඟා වූහ. එ අනුව අද අළුයම 04.00 ට පමණ ශ්‍රීපාද වන්දනාව සඳහා පාද යාත්‍රාව ආරම්භ කළේය.

    ශ්‍රී පාද වන්දනාවෙන් අනතුරුව පාද යාත්‍රාවේ ගමන් කරමින් අත්තනගලු රජමහා විහාරය, කැළණිය විහාරය හා කළුතර බෝධිය වන්දනාකිරීමෙන් පසුව කතරගම කිරිවෙහෙර වන්දනා කර කිලෝ මීටර් 1000 කට වැඩි ප්‍රමාණයක් ගමන් කර අධිෂ්ඨාන පාද යාත්‍රාව මෙම මස (28) වන දින නිමා කිරිමට නියමිතයි.

    disablesoldiers2 px 900 07

    ශ්‍රී පාද පුද බිමේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ආබාධිත රණවිරුවන් දෙදෙනා කියා සිටියේ, ඉතිහාසයේ සිට මේ දක්වා ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් හා හෙළයේ විරුවන් සිහිගන්වමින් හා අනෙකුත් රණවිරුවන් දිරි ගැන්වීම අරමුණු කරගෙන මෙම අධිෂ්ඨාන පාද යාත්‍රාව ආරම්භ කළ බවය. තමන්ට පාද යාත්‍රාව ආරම්භයේදී ආශීර්වාද නාග විහාරායේ, විහාරාධිපති නායකහිමියන්ට විශේෂ ස්තූතියක් පුදකරන බවත් ඔව්හූ කීහ.

     

     

     

     

     

     

     

     

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 17:38

    Latest News