වක්‍ර බදු සහන අද සිට ක්‍රියාත්මකයි; අමාත්‍ය බන්දුල ගුණවර්ධන

දෙසැ 01, 2019

    රජය ලබාදුන් බදු සහන පැකේජයේ වක්‍ර බදු සහන අද සිට ක්‍රියාත්මක බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    සෘජු බදු සහන ක්‍රියාත්මක වන්නේ ජනවාරි පළමු වැනිදා සිට. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....

    “ඉතිහාසයේ කිසි දිනකත් නොලබුණු අන්දමේ ආර්ථික පුනර්ජිවනය අරමුණු කරගත් මේ බදු සහන පැකේජය වක්‍ර බදු සම්බන්ධයෙන් අද දින සිටත්, සෘජු බදු සම්බන්ධයෙන් ජනවාරි පළමුවැනිදා සිටත් කලින් ප්‍රකාශයට පත්කළ ආකාරයටම ක්‍රියාත්මක වන බව සියලු දෙනාට මෙයින් දැනුම් දෙනවා. මැරිච්ච මිනිසෙකුට බදු ගෙවන්න කිව්වොත් ඒ මනුස්සයට බදු ගෙවන්න බැහැනේ මැරිලනේ. ආර්ථිකය මැරිලා තියෙන්නේ. මැරුණහම විශාල බද්දක් පැනෙව්වත් ඒ බද්ධ එකතු වෙන්නේ නැහැ. ආර්ථිකය පනගැන්ගහම 8% ගානේ වුනත් ලැබෙන බදු ප්‍රමාණය අර 15% වඩා වැඩි වෙනවා. එහෙම දර්ශනයක් හා වැඩපිලිවෙලක් ඇතුව තමයි අද සිට ක්‍රියාත්මක වන මේ බදු සහන පැකේජය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කිසිදු සැකයක් මතුකර ගත යුතුව නැහැ. නීත්‍යානුකූල ලෙස අවශ්‍ය ගැසට් නිවේදන මගින් ලබන සතිය තුළදී මුදල් අමාත්‍යාංශය එකී නිවේදන නිකුත් කරනවා. හෙට වැඩ කරන දිනයේදී පරණ තිබුණ ගණන් ක්‍රමය වෙනස් කරලා තමන්ගේ පරිගණක සකස් කරගැනීම ඒ ආයතනවල කාර්යයක්. රජයේ කාර්ය අපි ඉෂ්ඨ කරලා තියෙනවා. ඔබේ කාර්යය ඔබ ඉෂ්ඨ කරගන්න“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Latest News