රජයේ බදු සහන දේශීය ව්‍යවසායකයින්ට නැගීට්ටවීමක්; කොළඹ ව්‍යාපාරික සංගමය

දෙසැ 01, 2019

    වත්මන් රජය ලබාදුන් බදු සහන හේතුවෙන් දේශීය ව්‍යවසායකයින්ට යළි නැගීසිටීමේ අවස්ථාව උදාවී ඇතැයි, කොළඹ ව්‍යාපාරික සංගමය පවසයි.

    ඔවුන් මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා....

    “පළමුවැනි කැබිනට් හමුවේදීම ජනතාව හා ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා මුහුණ දී තිබු බදු බර නිදහස් කිරීම සම්බන්ධයෙන් කොළඹ ව්‍යාපාරික සංගමය අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී රජයට පිරිනමනවා. මේ රටේ විදේශීය ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ජිවිතයේ ඔවුන් මුහුණ දී තිබුණ අඳුරුම යුගය තමයි පසුගිය වසර හතරහමාර. ව්‍යාපාරිකයන් විධියට හම්බකරන සියලුම දේ රජයට තමයි අපි ලබාදීම් කළේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම, ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයින්ට මෙන්ම පාරිභෝගිකයන්ට ඒක බලපානවා. ඒ තුළින් විශාල වර්ධනයක් ව්‍යාපාරිකයන්ට ඇතිවෙයි කියලා. ඒ වගේම ලක්‍ෂ 10ට තිබුණ වැට් බද්ද ලක්‍ෂ 250 දක්වා අද ව්‍යාපාරිකයන් නිදහස් කරලා තියෙනවා. අපි ඒක අගය කරන්න ඕනේ කාරණයක්. ඒ වගේම කොටස් වෙළෙඳ පොළ මත පේටැස් එක අඩු කිරීම, ණය හා දුරකතන මේ සියලු ක්‍ෂෙත්‍රයන් වක්‍රව හා සෘජුව ව්‍යාපාරිකයන්ට බලපානවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ලැබුණු බදු නිදහස් කිරීම තුළින් මේ රටේ ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය නව වර්ධනයක් ඇතිවෙයි කියලා“ යැයි චමින්ද විදානගමගේ මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 19:34

    Latest News