අඩුම මිලට පානීය ජල පහසුකම් ලබා දීමට කඩිනම් පියවර

නොවැ 29, 2019

    අඩු ආදායම් ලබන ජනතාවට අඩුම මිලට නළ මාර්ගික ජලය ලබා දීමටත්, නිෂ්පාදිත පානීය ජල නාස්තිය වළක්වාලීමටත් අපි කඩිනම් පියවර ගත යුතු බව නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියබන්දු වික්‍රම මහතා පවසයි.

    ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ සහ එය යටතේ ක්‍රියා කරන ආයතනවල උසස් නිලධාරීන් සමඟ පැවැත් වූ ප්‍රගති සමාලෝචන රැස්වීමට මූලාසනය හොබවමින් ආචාර්ය ප්‍රියබන්දු මහතා මේ බව පැවසුවේය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ආචාර්ය ප්‍රියබන්දු මහතා, ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේ රට ‘ස්මාට්’ දේශයක් වශයෙන් ගොඩනැගීමය.

    එම නිසා අපිත් තාක්ෂණයත් එක්ක බද්ධ කරමින් කඩිනම් සේවය ලබා දීමට සූදානම් විය යුතුයි.

    මුළු රටේම, සියලු දෙනාට නළ මාර්ගික පානීය ජල පහසුකම් ලබා දිය හැකි ජාතික සැලසුමක් වහාම සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

    එමෙන්ම පානීය ජල සැපයීමේ සේවාව පිළිබඳව ජනතාවගෙන් පැමිණිල්ලක් ලැබුණු වහාම එයට ප්‍රතිචාරයක් ලබා දීම මෙන් ම අදාළ ජල පද්ධතිය හා පරිසරය නැවත සකස් කිරීමට විශේෂිත අංශයක් පිහිටු විය යුතුයි.

    Latest News