චූඩා මාණික්‍ය පැළඳවීමේ පුණ්‍යෝත්සවය අද

නොවැ 25, 2019

    ඓතිහාසික රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍ය පැළඳවීමේ පුණ්‍යෝත්සවය අද පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතයි.

    නව චූඩා මාණික්‍යය මේ වන විට රුවන්වැලි මහ සෑ පරිශ්‍රයේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා විශේෂ කුටියක තැන්පත් කර තිබේ. චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීම සඳහා දිවයිනේ නන් දෙසින් ජනතාව අනුරාධපුර රුවන්වැලි මහ සෑ පරිශ්‍රයට පැමිණෙමින් සිටියි. නව චූඩා මාණික්‍යය සහිත කොත නිරාවරණය කෙරෙන්නේ හෙට පෙරවරුවේදී. රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යයක් පැළඳවීම සිදු කෙරෙන්නේ වසර 80කට පමණ පසුව බව, රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් පවසයි.

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 07:38

    Latest News