මෙලෙස විදෙස්ගත වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව බව වාර්තාවේ. සිය පවුලේ සාමාජිකයන් සමඟ අද දහවල් 12.50ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්. කේ. 65 දරණ ගුවන් යානයෙන් ඔහු මෙලෙස විදෙස් ගතවී ඇති බව, ගුවන් තොටුපොළ අප වාර්තාකරු පවසයි. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා යටතේ වසර කිහිපයක්ම සේවය කළේය. තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග, සේයා සදෙව්මි සහ යාපනයේ විද්‍යා දැරිය ඝාතන, වැලිකඩ සිරකරුවන් ඝාතනය, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඇතුළු මතභේදාත්මක නඩු රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත්තේ නිශාන්ත සිල්වා මහතායි. එමෙන්ම විවිධ චෝදනා එල්ල වී ඇති අවස්ථාවකයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මෙලෙස රහසේම විදෙශ ගතවී ඇත්තේ.