මහරගම මැණික් සහ දියමන්ති මංකොල්ලයට අයෙක් මාට්ටු

දෙසැ 02, 2018

    මහාරගම පන්නිපිටියේ නිවසකින් රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් සහ දියමන්ති තොගයක් සොරකම් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් රත්මලාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

    මිරිහන විශේෂ අපරාධ මෙහේයුම් එකකය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබුණ විශේෂ තොරතුරක් මතයි. සැකකරු මාතර පදිංචි තුසිත මදුරංග හෙවත් මාතර මල්ලි නමින් පොලිසිය විසින් හඳුනාගෙන ඇත. අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    පොලිස් නිළධාරින් ලෙසින් නිවසට ඇතුල්වි මැණික් සහ දියමන්ති කොල්ලකා පලා යන අවස්ථාවේ මැණික් මිළදී ගැනීමට පැමිණි විදේශිකයෙක්ද ඔවුන් විසින් පැහැරගෙන ගොස් ඇත.

    Last modified on ඉරිදා, 02 දෙසැම්බර් 2018 11:18

    Latest News