එජාපයේ යුක්තියේ යාත්‍රාව අරඹයි

දෙසැ 01, 2018

    එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ යුක්තියේ යාත්‍රාව රිය පෙරහැර කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් අද උදෑසන ආරම්භ කෙරුණි. 

    පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ.  ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන යුක්තියේ යාත්‍රාව ලෙස එය නම් කෙරේ.  මෙය, දින දෙකක යාත්‍රාවක් ලෙස, සංවිධාන කර තිබේ.  මෙම රිය පෙරහැර අද දින කළුතර, ගාල්ල හරහා මාතරට ගොස් දෙවුන්දරින් අවසන් කිරීමට නියමිතයි.  හෙට දින තංගල්ලෙන් ගමන් ආරම්භ කරන යුක්තියේ යාත්‍රාව කතරගම මහ දේවාලය වෙත පැමිණීමට නියමිතව තිබේ. 

    අනතුරුව, මොනරාගල හරහා මහියංගන රජමහා විහාරයට පැමිණීමෙන් පසු අධිෂ්ඨාන පුජාවක් පවත්වා වැඩසටහන අවසන් කර බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    Last modified on සෙනසුරාදා, 01 දෙසැම්බර් 2018 11:20

    Latest News