පළාත් 6කට නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ

නොවැ 21, 2019

    මීට සුළු මොහොතකට පෙර ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධුරයන්හි දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත්කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත්තේ ලලිත් යූ ගමගේ මහතායි. රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, ආචාර්ය විලී ගමගේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කර තිබේ.

    එමෙන්ම ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පෙත්කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 11:58

    Latest News