පුලුවන් කල නොකළ එස්. එම්. ට හූවක් (විඩියෝ)

මාර් 11, 2019

    අනුරාධපුර - පාදෙනිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් තලාව - ජයගඟ මංසන්ධියේදී අලි ගැටලුවට ස්ථිර විසදුමක් ඉල්ලාසිදු කළ විරෝධතාවක් වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතාට විරෝධය පලකරමින් හූ තැබීමක් කර තිබේ.

    තලාව මුදුනේගම, සෝළම, කැලේගම, පහළගම, කුමාර එළිය, කොන්ගොල්ලෑව, ගඟසිරිපුර, නෙලුම්තොට්ටම, නාවක්කුළම ආදී ගම්මාන කීපයක ගොවි ජනතාව 500 කට ආසන්න පිරිසක් තලාව ජයගඟ මංසන්ධියට පැමිණ සාමකාමීව විරෝධතාවක අද නිරතව ඇත. ගම්මානයන්ට නිරන්තරයෙන් වන අලි කඩා වැදීම හේතුවෙන් ජන ජීවිතයට බාධා සිදුව ඇති බැවින් වන අලි ගැටලුවට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

    තලාව ගඟසිරිපුර ගම්මානයේ පදිංචි සයිමන්ගේ වසන්ත (49) නම් තිදරු පියෙකුද පසුගිය 07 වැනිදා සිය කුඹුරට යම්න් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (10) සිදු කිරීමෙන් අනතුරුව තලාව අවට ගම්වාසීන් අද (11) මිනී පෙට්ටියක් හා මල්වඩම්ද රැගෙන විත් වන අලි ගැටලුවට විසදුම් ඉල්ලා විරෝධතාවක නිරත වූහ.

    විරෝධතාකරුවන් සටන් පාඨ සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටියදී තලාව ප්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර් නිෂාන්ත මහතා හා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වන්සේකර මහත්මිය පැමිණ විරෝධතාකරුවන්ගේ ගැටලුව විමසා සිටියහ. තලාව හා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට මායිම්ව පිහිටි ගම්මානයට අලින්ගෙන් සිදුවන ගැටලු සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් බැවින් දිස්ත්‍රීක් ලේකම්වරයා විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට කැඳවන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

    එ අනුව දුරකථනය ඔස්සේ දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා සම්බන්ධ කරගනු ලැබිණි. වන අලි ගැටලුවට විසදුමක් ලෙස කැලෑ වටකර ගස් හරහා අලි වැටක් ඉදි කළද මෙතෙක් විසදුමක් නොලැබුණ බවත්, වන අලි ගැටලුවට විසදුම් ලෙස රක්ෂිත තුළ වන අලින්ට ආහාර ලෙස අවශ්‍ය දේ වගා කිරීමත්, වනජීවි දෙපාර්තමේන්තුව සඳහා ප්‍රමාණවත් නිළදාරීන් බඳවා ගන්නා ලෙසත් ඉල්ලමින් ජනාධිපතිතුමන් වෙත සංදේශයක් සකස් කර ඇති බවත්, එය ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි.

    ඒ අතරතුර තලාව නගරය හරහා කොළඹ බලා යමින් සිටි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු වනජීවි අමාත්‍ය, එ. ජ. නි. ස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා විරෝධතාවය දැක විරෝධතාකරුවන් අතරට පැමිණ ගැටලුව විමසා සිටියහ.

    අපි දේශපාලන අධිකාරිය බලාපොරොත්තු වුණේ නෑ මෙතනට, දේශපාලන අධිකාරියෙන් මෙතෙක් අපිට නිසි විසඳුමක් ලැබිලා නෑ යැයි ගඟසිරිපුර සත්බෝධි විහාරස්ථානාධිපති ඉපලව ප්‍රේධමානන්ද හිමියන් කියා සිටියේ. "මෙතන මහජනයාගේ සම්බන්ධීකරණය වන රජයේ නිළධාරී දෙන්නා ඉන්නවා" යැයිද උන්වහන්සේ කියා සිටිහ.

    " දිස්ත්‍රික් මහ ලේකම් කථා කළා ඒ දෙන්නා භාර ගත්තා ඉතා ඉක්මනින්, මාස 03 ක් වැනි කෙටි කාළයක් තුල අලි වැටක් ගහලා අලි එන එක නවත්වලා දෙන්න මාස 03 ක් තුළ විසදුමක් ලබා නොදුන හොත් පසුගිය 07 වැනිදා අලි ප්‍රහාරයෙන් මියගිය වසන්තගේ තුන්මාසේ දානේ පාර වහලා මහා සංඝරත්නය වඩම්මලා මහ පාරේ එය කරන බව ප්‍රකාශ කර සිටියේය.

    මේ අනුව විරෝධතාකරුවන් ඇමතීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා උත්සහ කළද විරෝධතාකරුවන්ගේ කෑකෝ ගැසීම මැද කථා කිරීමට නොහැකි වූයේය. "බයිලා -බයිලා " කියන්නේ යනුවෙන් පවසමින් විරෝධතාකරුවන් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන විරෝධය පළ කළහ.

    එස්. එම් චන්ද්‍රසේන මහතා විරෝධතාකරුවන් ඇමතීමට උත්සහ කළ ද එය ලබා නොදෙමින් වන අලි ගැටලුවට කිසිම පක්ෂයකින් විසදුම් ලැබුණේ නෑ යැයි ඔවුන් කියා සිටියේය. "මේක අපිට දේශපාලන රැස්වීමක් කර ගන්න නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ. අපිට අලි මිනිස් ගැටුමට විසදුමක් ලබා ගැනීමයි අවශ්‍යතාවය" යනුවෙන් ඔවුන් පැවසීය.

    එවිට විරෝධතාකරුවන් කීපදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතාට හූ හඩින් සංග්‍රහ කරනු ලැබීය.

    " ඔබතුමන්ලාට බලය තියෙන කාළයේ මේවාට කටයුතු කළා නම් මේ විදිහට ක්‍රියාත්මක වුණා නම් අලි -මිනිස් ගැටුමෙන් ජීවිතයක් නැති වෙන්නේ නෑ, එහෙම නම් අපිට මෙහෙම උද්ඝෝෂණ කරන්න වෙන්නේ නෑ. මේක අපේ ගොවියන්ගේ උද්ඝෝෂණයක් කාගෙවත් දේශපාලන වාසී තකා කරන උද්ඝෝෂණයක් නෙමෙයි" යනුවෙන් විරෝධතාකරුවන් නැවතත් පවසා සිටියහ.

    එවිට විරොධතාකරුවන් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම් චන්ද්‍රසේන මහතාට හූ හඩින් සංග්‍රාහ කරනු ලැබීය.

     

    elephantprotest1 px 900 19

    Last modified on සදුදා, 11 මාර්තු 2019 17:30

    Latest News