එය සංවිධානය කළේ, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලාය මගින්. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් 4කට අයත් රටවල් 18ක නිරීක්ෂකයින් ඊට සහභාගි වූහ. දිවයිනම ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතු ඔවුන් සිදු කරයි. පොදු රාජ්ය මණ්ඩලය, යුරෝපා සංගමය, මැතිවරණ කළමනාකරුවන්ගේ සංගමය නියෝජනය කරන පිරිස් ඊට ඇතුළත්.
එහිදී අදහස් දැක්වූ චාමි මක්බුවල් - ප්රකාශක - නිදහස් මැතිවරණයක් සඳහා වන ආසියානු ජාලය...
“අපි ශ්රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණය සඳහා පැමිණි 11 වන වතාව මෙය ලෙස සැලකිය හැකියි. අපි ශ්රී ලංකාවේ මිතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සක්රීය දායකත්වය ලබාදී තිබෙනවා. ආසියානු කලාපයේ ප්රජාතන්ත්රික රටවල්වල නිදහස් මැතිවරණ පැවැත්වීම සඳහා අප සංවිධාන ගතව වැඩ කරනවා. රට පුරාම අපගේ නිරීක්ෂකයින් 44ක් පමණ යොදවා තිබෙනවා. දීර්ඝ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි අය මසක කාලයක් ලංකාවේ සිටිනවා. පූර්ව මැතිවරණ කටයුතුවලදී පැවැත්වෙන විට සහ ඡන්ද ගණනය කිරීමෙන් පසුවත්, නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා“ යැයි චාමි මක්බුවල් පැවසීය.