නින්දයෑම නිසා සිදුවූ අනතුරෙන් රියදුරු අනූනවයෙන් බෙරෙයි (වීඩියෝ)

නොවැ 09, 2019

    දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ ලොරි රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුර නිසා කාර් රථයේ ගමන්ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ගලේවෙල පොලිසිය කියයි.

    පොළොන්නරුවේ සිට සහල් පටවාගෙන යන ලොරි රථයක් හා කුරුණෑගල සිට සේවය අවසන් කොට නැවතත් දඹුල්ල ප්‍රදේශයේ නිවස බලා ගමන් කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ මොටර් රථය මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත. මෝටර් රථය පදවාගෙන පැමිණි නියෝජ්‍ය විදුහල්පතිවරයාට නින්ද යෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයේ මෝටර් රථය ගැටී තිබේ.

    අදාළ මෝටර් රථය සහ ලොරි රථය මුහුණට මුහුණ ගැටෙන දර්ශනය අනතුර සිදු වූ ස්ථානයේ වෙළඳසැලක සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණු බව ගලේවෙල පොලිසිය කියයි.

    අනතුරින් බරපතල තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ හිසට, පාදවලට සහ ශරීරයේ අභ්‍යන්තර කොටස් රැසකට දැඩි හානි සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මෙම අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 15:57

    Latest News