පාදුක්කේ වෙඩි තැබීමකින් එක්අයෙක් මරුට

නොවැ 08, 2019

    පාදුක්ක පොලිස් වසමේ ගලගෙදර ප්‍රදේශයේ අවන්හලක් (තැබෑරුමක්) තුළ සිට පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

    ඊයේ (07) රාත්‍රී 09.00ත් 09.30ත් අතර කාලයේදි මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇත.

    වෙඩි වැදුණු පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මියගොස් ඇත්තේ, ගලගෙදර සමනළ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි දර්ශන ලසන්ත නැමැති අයෙකි.

    මෙම ඝාතනය සිදුකළ පුද්ගලයන් සොයා පාදුක්ක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

    Latest News