ගීගන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

නොවැ 07, 2019

    2012 වසරේ කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී සිදු කෙරුණු ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ ගීගන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ යන අයට අද මරණ දඬුවම නියම කෙරිණ.

    ඒ තංගල්ල මහාධිකරණය විසින්. 2012 ජුනි 15 වැනි දින කටුවන, හැඩිවත්ත ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබිණ. යතුරු පැදිවලින් පැමිණ ටී 56 ගිනි අවිවලින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර, එම සිද්ධියෙන් කටුවන පදිංචි කාන්තාවක සහ තරුණයෙකු ඝාතනයට ලක්වූහ. වෙඩි ප්‍රහාරය එල්ල කෙරුණේ, ජනතා විමුක්ති පෙරමුණේ එවක බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කතා කරමින් සිටියදී. ද්විත්ව ඝාතනයට අදාල නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර, එල්ල වී තිබූ චෝදනාවලට වැරදිකරු වූ ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ යන අයට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා මරණ දඬුවම නියම කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද තංගල්ල මහාධිකරණයට පැමිණ සිටියේය.

    Latest News