ස්වයං රැකියාලාභීන් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදෙනවා; අගමැති (වීඩියෝ)

ඔක් 21, 2019

    මෙරට ස්වයං රැකියාලාභීන් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීමට පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මහා පරිමාණව්‍යාපාරිකයන් පමණක් නොව ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන් ද ආරක්‍ෂා කළ යුතු බව, අද ගුණසිංහපුර පැවති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සමිතිය සමඟ පැවති හමුවට පක්‍ෂ යේ උප නායක අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.... “ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක කොළඹ ලොකු ව්‍යාපාරිකයන් සියල්ලම ෂැංහිලා හෝටලයට කැදෙව්වා. අද අඩි සියයේ පාරේ ඇවිල්ලා තියෙනවා පොඩි මිනිහගේ ආර්ථිකය ගැන කතා කරන්න. මොකද පොඩි මිනිහා ආර්ථිකය නැතුව රටේ ආර්ථිකය ගෙනියන්න බැහැ කියලා මම කියන්න කැමතියි. අන්න ඒකයි වෙනස“ යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 20:27

    Latest News