පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරනවා; අනුර කුමාර (වීඩියෝ)

ඔක් 14, 2019

    ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති එළිදැක්වීම අද සිදු කෙරිණ.

    ඒ බත්තරමුල්ලේදී. ප්‍රධාන ආරාධිතයා වූයේ, ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතායි. සෑම දරුවෙකුටම වසර 13ක ශාස්ත්‍රීය හෝ වෘත්තීය පාසල් අධ්‍යාපනයක් අනිවාර්ය වන පරිදි පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරන බව, මෙහිදී සඳහන් කෙරිණ. ජාතික ජන බලවේගය, තෝරාගත් ක්‍ෂේත්‍රයන්ට අදාලව තවත් ප්‍රතිපත්ති ප්‍රකාශන කිහිපයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා....

    “අපේ රට ගොඩනැගීමේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත් කොටසක් තමයි අධ්‍යාපනය. කුඩා, කුඩා ප්‍රතිසංස්කරණවලින් මේ අධ්‍යාපනයේ ඇති වී තිබෙන වියවුලට විසඳුම් සෙවිය හැකි බව අප විශ්වාස කරනවා. අපේ රටේ අධ්‍යාපනය පුළුල් විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි. අධ්‍යාපන දොරටුවෙන් ඇතුලුවන සියලු දරුවාම එම දොරටුවෙන් යළි එළියට එන්නේ ඔවුන්ට අධ්‍යාපන හෝ වෘත්තිය පුහුණුවක් සහිත කණ්ඩායමක් හැටියට. ඒ අධ්‍යාපන ප්‍රතිපත්තියේ එක් අරමුණක් බවට පත්වෙනවා. අධ්‍යාපනය හැදෑරීම ගෙදරකට බරක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රතිපත්තියේ ඊළඟ අරමුණ තමයි දරුවන්ට සියලු බර රාජ්‍ය වෙත පවරා ගැනීමේ ප්‍රතිපත්තිය. පළමු කොටම අපි මේ විසිරි තිබෙන අක්‍රමවත් භාවයට පත්වී තිබෙන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රමවත්ව හා ආයතන ගත කරමින් ඒ රාජ්‍ය කාර්ය භාරයක් බවට පත්කරන්න. ළමයින්ට නැවත ළමා කාලය ලබාදීමේ ප්‍රතිපත්තිය මේ අධ්‍යාපනයට ඇතුල් කරනවා. සමාජයක් හැටියට යහපත් කිරීමේ අරමුණින් ග්‍රාමීය දුප්පත් භාවයට එරෙහිව අරගලයේදී වැදගත් ස්ථානයක් අධ්‍යාපනයට හිමිවෙනවා යැයි“ අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 20:06

    Latest News