ඇල්පිටිය ප්‍රාදේශීය සභික නාම ලේඛණය තව දින දෙකකින් (වීඩියෝ)

ඔක් 14, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභිකයින්ගේ නාම ලේඛණය ඉදිරි දින දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සෝමරත්න විද්‍යාපතිරණ මහතා පවසයි.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය. සභික ධූර සංඛ්‍යාව 17ක්. මෙම සියලු සභිකයින් සෘජුව සභාවට තේරී පත්වනු ඇත. එක්සත් ජාතික පක්‍ෂය සභික ධූර 7ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය සභික ධූර 3ක් ද ලබාගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් සභික ධූර සංඛ්‍යාව දෙකක්. එම සභික ධූර සඳහා අදාළ පක්‍ෂවල ලේකම්වරුන්, සභික නාම ලේඛණය ඉදිරිපත් කරනු ඇත.

    කාන්තා නියෝජනයේ ප්‍රතිශතය 25%ක් වන අතර, අදාළ සභික නම් ලැයිස්තුව සකස් කිරීමේදී අදාළ පක්‍ෂයේ ලේකම්වරුන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිෂන් සභාව සභික නාම ලේඛනය අනුමත කිරීමෙන් පසු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරේ.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 20:07

    Latest News