නව කැලණි පාලමේ වැඩ සියයට 50 ක් අවසන්

ඔක් 11, 2019

    මෙරට අධිතාක්‍ෂණික කේබල් මත ඉදිවන පළමු පාලම වන්නේ, නව කැලණි පාලම් ව්‍යාපෘතියයි.

    මේ වනවිට එහි සියයට 50 ක වැඩ අවසන් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2017 දෙසැම්බර් මාසයේදීය.

    මෙම ව්‍යාපතිය මගින් කොළඹ නගරයේ කුලුනු මතින් ඉදිවන අධිවේගී මාර්ග ද කටුනයක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව, කැලණි පාලමේ සිට වරාය නගරයට විනාඩි 06කින්ද, බත්තරමුල්ල පරිපාලන නගරයට විනාඩි 10කින්ද, බොරැල්ල ජාතික රෝහල ප්‍රදේශයට විනාඩි 06කින්ද ළඟා වීමට හැකි වන බවයි, පැවසෙන්නේ.

    ඒ අනුව වසර 2020 අගෝස්තු මාසය වනවිට කොළඹ රථවාහන තදබදය සියයට 50 කින් අවම කර ගැනීමට ද අපේක්ෂිතයි.

    Latest News