ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව පොදු ලාංඡනයක්; තිලංග (වීඩියෝ)

ඔක් 04, 2019

    ජනාධිපතිවරණයෙන් පසු ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව පොදු ලාංඡනයක් යොදා ගන්නා බව, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ පරිවර්තන කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා....

    “6 වැනිදා දහවල් 12.00න් පස්සේ කිසිම පක්‍ෂයකට ඇප මුදල් බන්දලා කිසිම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරිමට පුලුවන් කමන් නැහැ. පැය 24ක් තියෙනවා. හෙට හැන්දෑවේ අපේ මධ්‍යම කාරක සභාවේ අවසන් තීන්දුවක් ගන්න පුලුවන් වෙයි. එහිදී අපි විශ්වාස කරනවා මේ ජනාධිපතිවරණය පිළිබඳව තියෙන සියලුම කරුණු විග්‍රහ කරලා අපිට අවසන් තීන්දුවක් ගන්න පුලුවන් කියලා. අපි අපේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් සාධාරණ කරුණු තියෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ සියලු මැතිවරණවලට අපි සන්ධාන ගතවීමෙන් පසු පැහැදිලිවම ඉදිරියේ එන පළාත් සභාව, පළාත් පාලන, මහ මැතිවරණ ඒ තුනම එකට වැඩකරන්න පුලුවන් පොදු ලාංඡනයකින් බව එකඟතාව පළ කරලා තියෙනවා. අත ලකුණත්, නොවන බුලත් කොළෙත් නොවන, පොහොට්ටුවත් නොවන ලාංජනයක්. දෙපාර්ශ්වයම එකඟතාවයක් තියෙනවා ඉදිරියේ කටයුතු කරනකොට පුටුව ලකුණින් අපි සන්ධාන ගත වෙන්න. එය ඉතාම හොඳ ප්‍රගතිශිලි අදහසක්“ යැයි තිලංග සුමතිපාල මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 20:36

    Latest News