update-එජාප විශේෂ මහ සම්මේලනය අගමැති හා සජිත් ප්‍රධානත්වයෙන් ඇරඹේ

ඔක් 03, 2019

    update-එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක හා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.

    (පෙ.ව7.10)

    එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය අද 9.30ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති අපෙක්ෂකවරයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කිරීම ඇතුළු තවත් යෝජනා 3ක් මෙහි දී ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අතර දේශපාලන පළිගැනීමට ලක්වූ පාක්ෂිකයින් පිළිබඳ යෝජනාවක් ද ඇතුළත් වෙයි.

    එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයින් ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එහි නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ඒකමතිකව සම්මත කර ගැනිණ. එය ඒකමතිකව අනුමත කර ගැනීමයි, මෙහි දී සිදු කෙරෙන්නේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂ සම්මේලනයේ දී අනුමත කරගත යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 10:47

    Latest News