දේශපාලනඥයින්ට ගැති නොවී තරුණ අපේක්ෂා මුදුන්පත් කිරීමට තරුණ අපේක්ෂකයෙකු ඒජාපයෙන්: අගමැති රනිල් (වීඩියෝ)

සැප් 30, 2019

    දේශපාලනඥයින්ට ගැති නොවී අභිවෘද්ධිය කරා යෑමේ තරුණ අපේක්ෂා මුදුන්පත් කිරීමට තරුණ අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සමඟ අද (30) සිරිකොතේදි පැවැති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේයා. එක්සත් ජාතික පක්සයේ මහ ලෙක්ම් අකිල විරාජ්, සභාපති කබීර් හෂිම්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවි කරුනානායක සහ ජාතික සංවිධායක නවීන් දිසනායක යන මහත්වරුන් මේ අවස්තාවට එක්වුහ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට වුයේය.

    ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් එහි ප්‍රචාරක කටයුතු මෙන්ම ග්‍රාමිය මට්ටමේ සංවිධාන කටයුතු පිළිබඳවත් මෙහිදී සංවිධායකවරුන් දැනුවත් කර තිබේ. අද රටේ සිටින අලුත් තරුණ පරපුර බලාපොරොත්තු වන්නේ හොඳ සමාජයක් බව එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේය. මන්ත්‍රීවරයෙක් ළඟට නොගිහින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගත හැකි සමාජයක් බවත් පැවසු අගමැතිවරයා, තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් හොඳින් ජීවත් විය හැකි මෙම සමාජය අපිට ලබා දීමට ඇති බවත් පැවසීය.

    ඒ කරුණු මතකයේ තබා ගෙන ඡන්දයට යන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, මැතිවරණය කණ්ඩායම් දෙකින් ජයග්‍රහණය කරන බවත් කියා සිටියේය. තමාට අගමැතිකම නැති කරන මොහොතේ එය නැවත ලබා දීමට පාක්ෂිකයින් කැපවී කටයුතු කළ බවත් පැවසු වික්‍රමසිංහ මහතා, මෙයින් එහාට නව ලංකාවක් නිර්මාණය කිරීමට යන බවත් කියා සිටියේය. ඒ සටන සඳහා සියලු දෙනා එක්ව යා යුතු බවත් පැවසු අගමැතිවරයා, ඒ වෙනුවෙන් තරුණ ඇමති කෙනෙක් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ද පැවසීය.

    ඔහුගේ දක්ෂකම දන්නා බවත් පැවසු අගමැතිවරයා, ඔහුගේ පියා වශයෙන් ප්‍රේමදාස මහතා සිදුකල මෙහෙවරද මෙහිදී මතකයට නැගීය. “අපි ඔක්කෝම යුඇන්පී කාරයෝ එකතු වෙලා කථා කරපු කාලය ඉවරයි“ යනුවෙන් පැවසු අගමැතිවරයා, දැන් තියෙන්නේ බැහැලා ගිහින් අනෙක් අයව හරවා ගැනීම බවද සඳහන් කළේය. ඡන්දයට එන්නේ නෑ යනුවෙන් පවසන අය ඡන්දයට ඉදිරිපත් කිරීමට පෙළඹිය යුතු බවත් පැවසු අගමැතිවරයා, ඒ වැඩටික කර ගැනීමෙන් ජයග්‍රහණය කරා යා හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 20:22

    Latest News