අද බොහෝ ප්‍රදේශවලට තද වැසි

සැප් 28, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(28) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දකුණු සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර දිවයිනට ගිනිකොණ දිගින් වන මුහුදු ප්‍රදේශයේ පවතින වායු ගෝලයේ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකිබව සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුලං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 16:27

    Latest News