ඉකුත් වසර 3½ UNP පාක්‍ෂිකයින්ට අසාධාරණයි.

නොවැ 24, 2018

    එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ඉකුත් වසර තුනහමාරක කාලය තුළ පක්‍ෂයේ ඇතැම් කණ්ඩායම්වලින් දැඩි අසාධාරණයක් සිදුවූ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

    අද කොළඹ පැවති උත්සවයක දී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    පා.ම. එස්.එම්.මරික්කාර් - “මේ පාර අපි ආණ්ඩුව ගත්තහම අපේ පක්‍ෂයේ හිටපු ටයි-කෝට් කාරයන්ට ආණ්ඩුව ගෙනියන්න අපි දෙන්නේ නැහැ. අපි අවුරුදු තුනහමාරක් පරිප්පුව කෑවා. දැන් මේ අපි දුක් විඳලා, බැට කාලා, බෙදිලා වෙන්වෙලා ගිය සියලු දෙනා එකතුවෙලා ඉන්නේ ටයි-කෝට් කාරයන්ට බලය අරන් දීලා හොරකන් කරන්න නෙමෙයි.

    අපේ යුඑන්පී කාරයින්ට ප්‍රතිලාභ ලබාදෙන්න. ඒක කරන්න බැරිනම් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ. වැඩක් නැහැ. හැමදාම කැපකිරීම් කරන්න බැහැනේ“.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 19:33

    Latest News