පුංචි ශ්‍රී පාදයේ සංචාරක මැසිවිල්ලක් (විඩියෝ)

නොවැ 24, 2018
  • ඇල්ල, පුංචි ශ්‍රී පාදය නැරඹීමට මේ දිනවල දෙස්-විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටී.

    එහෙත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති බවයි, අප වාර්තාකරු පවසන්නේ. ඇල්ල, පස්සර ප්‍රධාන මාර්ගයේ එකේ කණුව මංසන්ධියෙන් හැරී, තවත් කිලෝ මීටර 2ක් පමණ දුරකින්, ඇල්ල, රාවණාඇල්ල අභය භූමියට ඉහළ කඳු පන්තියක් මුදුනේ, ඇල්ල, පුංචි ශ්‍රී පාදය පිහිටා තිබේ.

    දිනපතා දෙස්-විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන්නේ, මෙම පරිසර කලාපයේ ඇති ඉහළ සුන්දරත්වය නිසයි. එහෙත්, පැමිණෙන අතරමඟ ජලය හෝ විධිමත් සනීපාරක්‍ෂක පහසුකම් ඇති ස්ථානයක් නොමැති බවයි, ඔවුන් පවසන්නේ.

    ආකර්ශනීය පරිසර කලාපය අපවිත්‍ර නොකොට රැක ගැනීම ද අත්‍යවශ්‍ය කටයුත්තක්. පරිසරය ද සුරකමින් අවශ්‍ය පහසුකම් සපයා දීමෙන් මේ ස්ථානයට ජනතා ආකර්ශනය තවදුරටත් වැඩි දියුණු කළ හැකි බව, සංචාරකයින් පෙන්වා දෙනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 18:09

    Latest News