විද්‍යුත් මාධ්‍ය කතෘභාගය ගෙවීමට විශේෂ වැඩපිළිවෙළක්

සැප් 17, 2019

    රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල ගීත ප්‍රචාරය වීමේදී අදාළ සංගීත නිර්මාණකරුවන්ට කතෘභාගය වෙනුවෙන් සිදු කෙරෙන ගෙවීම් පිළිබඳව සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම, ජාතික බුද්ධිමය දේපොළ කාර්යාංශය වෙත පවරා තිබේ.

    අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටුව මෙම උපදෙස් ලබාදී ඇත්තේ, අද පැවති සාකච්ජාවකින් අනතුරුවයි. ගායකයින්, ගී පද රචකයින් හා සංගීතඥයින්ගේ සේවය නිසි ඇගයීමකට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී අද සාකච්ජා කෙරිණ. එය, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූයේ, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔස්කා සහ ඇක්පෝ යන සංගම්වල නියෝජිතයින් ද ස්වාධීන කලාකරුවන් රැසක් හා මෙරට රූපවාහිනී සහ විදුලි මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද මීට එක්වූහ. අද සාකච්ජාවට බඳුන් වූයේ, ජාතික බුද්ධිමය කාර්යාංශයට අදාළව ඉදිරිපත් කෙරුණු ගැසට් නිවේදනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී මතුවී ඇති ගැටලු. එහිදී ඇතිකරගත් පොදු එකඟතාව වූයේ, කලාකරුවන්ට කතෘභාගය ගෙවීම සාධාරණ බවයි. ගෙවීම් සම්බන්ධ අවසන් එකඟතාව සඳහා කාරක සභාව ලබන 24 වැනි දින යළි රැස්වීමට නියමිතයි.

     

     

    Latest News