අකුරැස්සේ වෙඩි තැබීමක් - පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

සැප් 06, 2019

    අකුරැස්ස, තිබ්බොටුවාව හංදිය අසල ප්‍රදේශයකදී යතුරු පැදියකින් ගමන් කළ සැක කටයුතු පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

    අද (06) අළුයම 01.00ට පමණ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පොලිස් නිළධාරීන් දෙදෙනා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.

    රාත්‍රී යතුරුපැදි මුර සංචාරයේ යෙදුණූ නිලධාරීන් දෙදෙනෙකු සැක කටයුතු යතුරු පැදියක් නතර කරන ලෙස සංඥා කර ඇත.

    එහෙත් ඔවුන් එම සංඥාව නොතකා පළා යාමේදී පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් ඇති අතර, යතුරු පැදියේ සිටි පුද්ගලයෙකු විසින් පොලිසියට වෙඩි තබා ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරේ.

    සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News