ගනේවල්පොල මාර්ගය රන් මාවත් වැඩසටහනින් සංවර්ධනයට

අගෝ 27, 2019

    රන් මාවත් වැඩසටහන යටතේ රුපියල් කෝටි 05ක වියදමින් ගනේවල්පොළ නගරයට යා හැකි කෙටිම මාර්ගය වන ගනේවල්පොළ ඔය මාර්ගයේ කිලෝ මීටර් 02ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    වසර ගණනාවක සිට මාර්ගය ඉතා අබලන් තත්වයේ පවතින බවත් ගනේවල්පොළ, කොල්ලන්කුට්ටිගම, උල්පත, නිකවැව යන ගම්මානවල ජනතාවට මෙම මාර්ගය හරහා ගනේවල්පොළ නගරයට යාමට ඒමට නිතරම සිදුවේ. වැසි දිනවලදී මෙම මාර්ගයේ ගමන් කිරීමටවත් නොහැකි තත්ත්වයට පත්වන බවත් මෙම ගම්මාන වල ජනතාව පවසයි.

    ජනතාවගේ කඩිනම් අවශ්‍යතාවක් සේ සළකා කඩිනමින් මාර්ගය කාපට් කිරීමට පියවර ගැනීම පිළිබඳ ප්‍රදේශවාසීහූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාට සිය හෘදයාංගම ස්තූති පළ කර සිටී.

    රන් මාවත් වැනි ජනතාවට ඵලදායී වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවැනි අතිදුෂ්කර ගම්මානයකට ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ රජයට මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන් හෘදයාංගම ස්තූතිය හා ප්‍රණාමය පුද කර සිටිති.

    රුපියල් ලක්ෂ 70ක වියදමින් ඉදි කිරීමට නියමිත ගනේවල්පොළ මුස්ලිම් පල්ලියේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ද ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    Latest News