ඉන්දීය යාත්‍රාවක් දෙහිවල වෙරළට ගොඩගසයි

අගෝ 16, 2019

    ඉන්දීය ධීවරයින්ට අයත් ධීවර යාත්‍රාවක් දෙහිවල, මුහන්දිරම් පටුමග ආසන්න වෙරළට ඊයේ (15) රාත්‍රීයේ ගොඩගසා තිබේ. දිගින් අඩි 28ක් පමණ වූ මෙම යාත්‍රාව පරීක්ෂා කිරීමට දෙහිවල පොලීසිය හා වෙරළාරක්ෂක නිලධාරීන් එම අවස්ථාවේ වෙරළට පැමිණියේය.

    එහිදී මසුන් ඇල්ලීමට යොදාගන්නා උපකරණ, ඩීසල් හා තෙල් බහා ඇති භාජන කිහිපයක් හමුවිය. ධීවර යාත්‍රාවේ ඇන්ජිමක නොතිබූ අතර ඒ පිළිබඳව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා දෙහිවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    යාත්‍රාවේ මගීන් කිසිවෙක් නොසිටි අතර මුහුදේදී අනතුරට ලක්වී ඇත් ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

     

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 07:56

    Latest News