ඉන්ධන පිරවුම්හලේ වෙඩි තැබීමෙන් තරුණයෙකු මරුට

අගෝ 11, 2019

    පොල්ගහවෙල, කහවත්තේ ඇළ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ වෙඩි තැබීමකින් තරුණයෙකු මියයයි. 


    අංක තහඩු රහිත යතුරු පැදියකින් ජැකට් හා හිස්වැසුම් පැළඳ මුදල් කොල්ලකෑමට පැමිණි අය, පිරවුම් හලේ සේවය කළ තරුණයාට වෙඩි තබා පළාගොස් ඇත. ඔහු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්‍ෂයට පත්විය. කොල්ලකන ලද මුදල් පිළිබඳ අනාවරණය වී නොමැති බව පොල්ගහවෙල පොලිසිය පවසයි.

    Last modified on ඉරිදා, 11 අගෝස්තු 2019 10:38

    Latest News