ගසක් කඩා වැටී තිල්අඩිය ගමනාගමනයට බාධා

අගෝ 08, 2019

    පුත්තලම,කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය රත්මලාන ප්‍රදේශයේ අද අලුයම නුග ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.

    ඊයේ රාත්‍රියේ දී එම ප්‍රදේශය තුළ වර්ෂාවත් සමග පැවති දැඩි සුළඟින් දැවැන්ත නුග ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබේ. එයින් පුත්තලම හරහා අනුරාධපුරය,යාපනය,වවුනියාව,මන්නාරම දෙසට ගමන් කරන හා එම නගරවල සිට කොළඹ,හලාවත,මීගමුව දෙසට ගමන් කරන රථ වාහනවලට දැඩි බාධාව්ක ඇතිවිය.

    අවට කුඩා වෙළඳසැල් රැසක සෙවිලි ද්‍රව්‍ය සුළඟන් මාර්ගයට ඇඳවැටී තිබූ බව, පුත්තලම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසයි. යුද හමුදාව,පුත්තලම නගර සභා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව නුග ගස කියත් ආධාරයෙන් කපා ඉවත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 10:04

    Latest News