වැල්ලවත්තේ ගැටුමකින් පොලිස් ඇතුළු 6ක් රෝහලට

අගෝ 05, 2019

    වැල්ලවත්ත, ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාක් සමාගමක පිරිසක් අතර හට ගත් ගැටුම පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව මේ වන විට සමථයකට පත් කර තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගැටුම් හේතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය දන්වයි. බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත. වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 07:50

    Latest News