වස්කඩුවේ බස් දෙකක් ගැටි 06ක් මියයයි (විඩියෝ)

අගෝ 04, 2019
  • අද අලුයම 5.15ට පමණ ගාල්ල කොළඹ මාර්ගයේ කළුතර, වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වහනයකට ඉස්සර කිරිමට යාමේදි ඉදිරියෙන් ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරින් කාන්තාවන් තිදෙනෙකු සමගින් 06 දෙනෙක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තුවාලකරුවන් 52ක් කළුතර නාගොඩ රෝහලේ සහ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබති.

    තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 43ක් සහ කාන්තාවන් 08ක් කුඩා දරුවෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 04 අගෝස්තු 2019 12:54

    Latest News