නව සන්ධානයට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟවේ

අගෝ 01, 2019

    නව සන්ධානයට එළඹීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එකඟතාවයකට පැමිණි බව, එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (01) උදේ පැවැත්විණ. කෘත්‍යාධිකාරි මණ්ඩල නියෝජිතයින් ඊට එක්ව සිටියහ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා....

    “අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සන්ධානය පිළිබඳව සාකච්ජාවට ගනු ලැබුවා. විශේෂයෙන්ම හැමදෙනාම එකඟතාවයට ආවා සන්ධානයට එළඹීම පිළිබඳව. ඒ වගේම තවත් සංශෝධන කිරීම පිළිබඳව කිහිප දෙනෙකුගේ විරුද්ධ මත තිබුණා. ඒ නිසා තීරණය කළා ඒ සංශෝධන පක්‍ෂ නායකයින්ගේ සාකච්ජාවට භාජනය කරලා ඒ සංශෝධන සහිතව ලබන 05 වැනිදා මෙම සන්ධානය අත්සන් කරන්න. ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් කිසිම දෙයක් සාකච්ජා වුණේ නැහැ. විශේෂයෙන් අද කැඳවලා තිබුණේ 5 වැනිදා අත්සන් කරන සන්ධානය පිළිබඳව සාකච්ජා කරන්න තමයි අද කැඳවලා තිබුණේ. සන්ධානයට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත්, ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්‍ෂ සහ තවත් පක්‍ෂ ගණනාවක් එකතුවීමට නියමිතව තිබුණා. ඒ වගේම සන්ධානය අත්සන් කළ පසුව ප්‍රධාන දේශපාලන කණ්ඩායම් රාශියක්ම එකඟතාවය පළකරලා තියෙනවා අපිත් එක්ක පුළුල් සන්ධානයක් විධියට ජයග්‍රහණය කරා ගමන් කරන්න“ යැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 20:06

    Latest News