හෙරොයින් ජාවාරම්කරුට මරණ දඬුවම

ජූලි 30, 2019

    හෙරොයින් ග්‍රෑම් 321ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම කර තිබේ.

    ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින්. ජෙස්මිර් රිස්වාන් නැමැති තරුණයා මාලිගාවත්ත පොලිසිය විසින් 2016.01.16 හෝ ඊට ආසන්න දිනක දී මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණින. නීතිපතිවරයා විසින් විත්තිකරුට විරුද්ධව පවරා තිබූ අධිචෝදනා දෙකම සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා විසින් එම දඩුවම් නියම කර තිබේ.

    Latest News